විද්යාභිවර්ධන සංගමය විසින් පවත්වන ලද විශේෂ වැඩමුළුවක් කෑගල්ල කලාපයේ පාසල් කිහිපයක් සමඟ සම්බන්ධ වෙමින් අද දිනයේ දී විද්යාලයීය මාධ්ය ඒකකයේ දී පැවැත්විණි. මෙම වැඩසටහනට විද්යාලයීය මාධ්ය හා බහුමාධ්ය සංසදයේ සාමාජිකයන් සිව්දෙනෙක් ද, ක්රියාකාරීව සම්බන්ධ වී සිටීමට කටයුතු කර තිබුණි.

මෙහිදී විද්යාත්මක සන්නිවේදනය, එහි නිවැරදි භාවිත, ඒ සඳහා ප්රගුණ කළ යුතු කරුණු ආදී වැදගත් කරුණු රැසක් මෙන්ම අන්තර්ජාලය හරහා පාසල් මාධ්ය සංසදයන්ට සිදු කළ හැකි වැඩසටහන් පිළිබඳවද, ඉතාමත් සවිස්තරාත්මකව මෙහිදී පැහැදිලි කර දුනි.
දෙදින වැඩමුළුවක් ලෙස පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනේ මීළඟ අදියර එළඹෙන සතියේ දී පැවැත්වීමට නියමිතයි.



Comments

Popular Posts