ජාතික ටයිකොන්ඩෝ තරගාවලිය කෑගලු විද්‍යාලයේ දී  පැවැත්විණි.



සමස්ත ලංකා පාසල් ටයිකොන්ඩෝ සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින්  සංවිධානය කල 2022 ජාතික ටයිකොන්ඩෝ ශූරතා තරගාවලිය  ඔක්තෝබර් 21,22  හ 23 යන තෙදින පුරා විද්‍යාලයීය එස්.බී.කොස්‌වත්ත ගෘහස්ත ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර ගනිමින් කෑගලු විද්‍යාලයේ දී පැවැත්විණ.

සමස්ත ලංකා පාසල් ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති කමල් ආරියසිංහ මැතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රිඩා ශාඛාවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු මේ සදහා මෙවර සත්කාරකත්වය කෑගලු විද්‍යාලයට හිමි විය.

කෑගලු විද්‍යාලයේ විදුහල්පති N.A.D.R. හේමන්ත මැතිතුමාගේ සම්බන්ධිකරණයෙන් සාර්ථක ව පැවැත් වු මේ සදහා කොළඹ, ගම්පහ, පුත්තලම, යාපනය,මහනුවර,ගාල්ල සහ ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික් රැසක පාසල් සිසුන් සහභාගී විය.



Comments