වසරේ ආරම්භක පොහොය වශයෙන් දුරුතු පුර පසළොස්වක පොහොය වැදගත්කම් රැසක් පවතින පොහොය දිනයකි. මේ එම සුවිශේෂීත්වයන්වලින් කිහිපයකි...
තමා විසින් දහම් දේශනා කොට අරහත් භාවයට පත් තුන් බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමඟ මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ ඒ නුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේ ද දුරුතු මාසයේදීය.
බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද මෙම පොහොය දිනයේය.
මහියංගණයට වැඩම කොට යක්ෂ ගෝත්රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකි.
Comments
Post a Comment